දිට්වා සුළි කුණාටුව සහ ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ කඩා වැටී ඇති මානසිකත්වය ඉහළ දැමීම සඳහා ඔවුන් පාසල් වෙත යොමු කළ යුතු බව මනෝ වෛද්‍ය විශේෂඥවරුන් පවසනවා.

එම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනා සහය දැක්වීම මේ මොහොතේ ඉතා වැදගත් බවයි මනෝ වෛද්‍ය විශේෂඥවරුන් පෙන්වා දෙන්නේ.

දිට්වා සුළි කුණාටුව සහ පැවති ආපදා තත්ත්වය හමුවේ අහිමි වූ ජීවිත ගණන 627ක්.

එමෙන්ම පුද්ගලයින් 190 දෙනෙකු තවදුරටත් අතුරුදන්. විදෙස් කණ්ඩායම්, ත්‍රිවිධ හමුදා, පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතුරුදන් වූවන් සොයා මේ වන විටත් මෙහෙයුම් සිදු කරනු ලබනවා.

එමෙන්ම පැවති ආපදා තත්ත්වය හමුවේ පවුල් හය ලක්ෂ 11,530ක පුද්ගලයින් විසි එක් ලක්ෂ 79,138 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

ඒ අතරින් පුද්ගලයින් 89,857 දෙනෙකු තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටිනවා.

එවන් පසුබිමක් තුළ පීඩාවට පත් ජනතාවගේ මනසට වන බලපෑම අතිමහත්. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා.

ඔවුන් යළි නඟා සිටුවීමට කළ යුත්තේ කුමක්ද?