ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාව ද ලැබී ඇති බවයි.

විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

අදාළ සහන සැලසීම සඳහා සම්බන්ධවන පාර්ශ්වවලට අදාළ කාර්යභාර්යන් ද මෙම මාර්ගෝපදේශවලට අයත්.

එමෙන්ම ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද එහි ඇතුළත් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව හදිසි ආපදා තත්ත්වය පහව යාමත් සමග ආපදාවෙන් බලපෑමට ලක්වූ පවුල්වලට තම නිවස හෝ නව තාවකාලික නවාතැන නැවත පදිංචියට යෝග්‍ය පරිදි පිරිසිදු කර සුරක්ෂිතව පදිංචි වීම සඳහා පදිංචිව සිටි නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකය රුපියල් 25,000 බැගින් දීමනාවක් ලබාදෙනවා.

තවද අපාදාවෙන් බලපෑමට ලක් වූ නිවාසවල නැවත පදිංචියට අත්‍යාවශ්‍ය මුළුතැන්ගෙයි බඩු මුට්ටු, අත්‍යාවශ්‍ය ගෘහ උපකරණ ආදිය මිලට ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාස ඒකකයකට රුපියල් 50,000 බැගින් දීමනාවක් ලබාදෙනු ලබනවා.

නායයෑම් හා ගංවතුර හේතුවෙන් තම පදිංචි නිවස අහිමි වූ හෝ නිවස පූර්ණ ලෙස හානිවීම හේතුවෙන් ජීවනෝපාය කටයුතුවල අඛණ්ඩව නිරත වීමට නොහැකි පවුල් වෙතද දීමනා ගෙවනු ලබනවා.

ආපදාවෙන් බලපෑමට ලක්වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා එක්වරක් පමණක් ලබාදෙන දීමනාවක් ලෙස එක් පාසල් දරුවෙකුට රුපියල් 15,000 බැගින් දීමනා ලබාදිය යුතු වනවා.

තවද නායයෑම් හා ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් තම නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකර ගන්නා තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා මසකට රුපියල් 25,000 බැගින් උපරිමය මාස 06ක් දක්වා කුලී දීමනාවක් ලබාදෙනු ලබනවා.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම සම්පූර්ණ මාර්ගෝපදේශ මාලාව නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.


ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නිකුත්කළ චක්‍රලේකයට අදාළ මාර්ගෝපදේශ මාලාව ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මෙම මාර්ගෝපදේශ සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ එකඟතාවද ලැබී ඇති බවයි.

ඒ අනුව විපතට පත් ජනතාවට ආපදා සහන අරමුදල් බෙදාහැරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ලබාදෙනු ලබන දීමනා සහ සහන පිළිබඳව ද එහි ඇතුළත් වන අතර ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත්කළ මාර්ගෝපදේශ මාලාව පහතින් සදහන් වනවා.