Published
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් හෙට සහ අනිද්දා දින දෙකේදී පාර්ලිමේන්තුවේ අය වැය විවාදය නොපැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙ.ව 9.00 සිට පෙ.ව 9.30 දක්වා පැය භාගයකට පමණක් රැස්වීමටයි එම කාරක සභාව තීරණය කර ඇත්තේ.
ඒ අනුව හෙට දිනයේදී 2024 අංක 33 දරන රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ 2025 ඔක්තෝබර් 24 දිනැති අංක 2459/52 දරන අති විශේෂ ගැසට් පත්රයේ පළ කරන ලද නියෝග විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතයි.
අයවැය විවාදය නොපැවැත්වෙන හෙට සහ අනිද්දා දින දෙක වෙනුවෙන් දෙසැම්බර් 1 සහ 2 එනම් සඳුදා සහ අගහරුවාදා දින දෙකේදී රාත්රී 12.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමටද කතානායකවරයාගේ ප්රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා.




