අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් පුද්ගල මරණ 51ක් වාර්තා වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 35ක්.
මාතලේ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට මරණ 08ක් වාර්තා වී තිබෙනවා.
අතුරුදන්ව ඇති සංඛ්‍යාව පුද්ගලයින් 130ක්.
මහනුවර සිදුවී ඇති ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 67කු අතුරුදන්ව ඇති අතර, බදුල්ලේ පුද්ගලයින් 27 දෙනෙකු අතුරුදන්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 10 2,877ක පුද්ගලයින්3 73,428 දෙනෙකු ආපදාවට ලක්ව ඇති බවයි.
එමෙන්ම පවුල් 13,690කට අදාළව පුද්ගලයින් 43,925 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 488ක රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ.
අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසක මාර්ග පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කලේ, ගස් හා පස් කඩා වැටීම ඊට ප්‍රධාන හේතුවක් බවයි.
අතුරු මාර්ග පමණක් නොව මේ වන විට ප්‍රධාන මාර්ග රැසක්ද ජලයෙන් යටවී පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙ වන විට දිවයිනේ දිස්ත්‍රික් 25ක් බලපෑමට ලක් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
බලපෑමට ලක් වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 285ක්.
මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග 122ක ගමනාගමන කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වී තිබෙනවා.
එම අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ පස්කදු කඩා වැටීම්, ගල් පෙරලීම්, ගංවතුර ගැලීම් හේතුවෙන් එම මාර්ගවල ගමනාගමනයට බලපෑම් එල්ල වී ඇති බවයි.
අධිවේගී මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙනේද ඔහු මෙලෙස අදහස් පළ කළා.




