දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 410ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන 336ක් වන බවයි ආපදා කළමානකරණ මධ්‍යස්ථානය අද උදෑසන නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.

ආරක්ෂිත මධ්‍යස්ථාන 64,493ක තවදුරටත් රඳවා සිටින පුද්ගලයින් ගණන 233,015. රට පුරා සිදුවූ ආපදා හේතුවෙන් පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615 දෙනෙකු තවදුරටත් බලපෑමට ලක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ඇතිව තිබූ ගං වතුර තත්ත්වය මේ වන විට අඩුවීම ආරම්භ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

ගං වතුර බැසගොස් ඇති ප්‍රදේශවල නිවාස පිරිසිදු කිරීම වැනි කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මහනුවර නගරයේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙම වාර්තාව නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද ගං වතුර තත්ත්වය බැසගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරු චන්දික ලියනගේ පැවසුවා.