Published
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව ආපදා සහන රාජකාරියේ නිරත යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් සිදු කරන සෝදිසි මෙහෙයුම් අතරතුර රුපියල් 300,000.00 ක මුදල් සහ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොයා ගෙන තිබෙනවා.
නායයෑම හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ සුන්බුන් අතර තිබූ එම භාණ්ඩ සහ මුදල් 2025 දෙසැම්බර් 14 වන දින අදාල හිමිකරු වෙත නිවැරදිව සහ ආරක්ෂාකාරීව යුද්ධ හමුදා භට පිරිස් විසින් භාර දෙනු ලැබුවා.





