Published
ශ්‍රී ලංකාවේ පසු ආපදා තත්වය කළමනාකරණය කිරීම සදහා මෙරට තුළ භාණ්ඩ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සඳහා අමෙරිකානු ගුවන් යානා දෙකක් මෙරටට පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත එලෙස පැමිණ ඇත්තේ ගුවන් හමුදාව සතු සී - 130 වර්ගයේ ගුවන් යානා දෙකක්.
එම ගුවන් යානා දෙක තායිලන්තයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක සිට කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබුණා.
එම ගුවන් යානය තුළ අමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයින් 60 දෙනෙකුද පැමිණ තිබෙනවා.
අදාල ගුවන් යානා භාවිත කර කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට අනුරාධපුරය, යාපනය ආදී ගුවන් තොටුපොළ වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමට නියමිතයි.




