Published
සිය අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල නොවිසිඳුනු ගැටලු පිළිබඳ සොයා බලා ඒවා විසඳීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් යොමු වූ ප්‍රශ්නයකට ද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.