නව ආයුර්වේද කොමසාරිස් ජනරාල් ලෙස ඒ.එම්.ජී.එන්. දීප්ති සුමනසේන මහත්මියත්, ආයුර්වේද නියෝජ්‍ය කොමසාරිස් ලෙස වෛද්‍ය එම්.ඩබ් පද්මකුමාර මහතාත් සිය ධූරයන් හී රාජකාරී අරඹා තිබෙනවා.

ඒ මහරගම නාවින්න පිහිටි ආයුර්වේද දෙපාර්තමේන්තු කොමසාරිස් කාර්යාලයේ දීයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන දීප්ති සුමනසේන මහත්මිය මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු කොමසාරිස්වරියක ලෙස කටයුතු කර තිබෙනවා.

කම්කරු නිලධාරීනියක් ලෙස කම්කරු දෙපාර්තුමේන්තුවේ සේවයට එක් වුණු ඇය එම දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස්වරියක් ලෙසත්, නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙසත් සේවය කර ඇති අතර කුවෙට් තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරියක ලෙස ද සේවය කර තිබෙනවා.