මේ වන විට වෙළඳපොලේ කීරි සම්බා සම්බන්ධයෙන් යළිත් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, කීරි සම්බා හිඟ වීමත් සමගයි.

එමෙන්ම කීරි සම්බා මිල පාලන මිල ඉක්මවා ගොස් තිබීම තවත් අර්බුදයක්.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළා.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් තොග සඟවාගෙන සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක් ද යන්න පිළිබඳවත් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක්.

එහෙත් මේ වන විට වෙළඳපොලේ කීරි සම්බා අලෙවි වන්නේ රුපියල් 320ක මිලකටයි.