Published
රට තුළ කීරි සම්බා සහල් හිඟයක් කෘත්රීමව නිර්මාණය කිරීමට කිසියම් පිරිසක් කටයුතු කරන්නේ නම් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම කන්නයේ වී අස්වැන්න නෙළිමෙන් පසුවද මෙම ගැටලුව තවදුරටත් පැවතියහොත් ආදේශන සහල් ආනයනය කිරීමට සිදු වන බවයි.
අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ අදාළ ප්‍රමිතියෙන් යුත් වී නියමිත මිලට මිලදී ගැනීමට රජය කටයුතු කරන බවයි.