Published
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බි්‍රගේඩියර් එස්. ජෝසප් මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ධුරයේ ලෙස මීට පෙර රාජකාරී කළේ කර්නල් නලීන් හේරත් මහතායි. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බි්‍රගේඩියර් එස්. ජෝසප් මහතා සිය වෘත්තිය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම තුළින් දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් කළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙක් වනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර බි්‍රගේඩියර් එස්. ජෝසප් මහතා ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙසද විශිෂ්ට සේවයක් ද සිදු කර තිබෙනවා.