Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් අද දිනයේ කතානායකවරයා වෙත භාර දීමට තිබූ විශ්වාසභංග යෝජනාව හෙට දිනයේ භාර දෙන බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ විශ්වාසභංග යෝජනාව අද භාරදීම සඳහා පෙර සිටම දින වෙන් කර ගෙන තිබුණද අද දිනයේ කතානායකවරයා නොමැති වීම හේතුවෙන් හෙට දිනයේ එම යෝජනාව භාරදීමට සිය පක්ෂය තීරණය කළ බවයි.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා.