විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් යුක්ති සහගත හේතු දැක්වීමට කතානායකවරයා කටයුතු කර නොමැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කර සිටියේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ මෙවැන්නක් " විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යුක්ති සහගත හේතු දැක්වීමට කතානායකවරයා කටයුතු කර නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රබල දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජනබලවේගයට ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ආණ්ඩුව බලයට පත්වුණේ සත්භාවයෙන් , විනිවිධභාවයෙන් සහ සාධාරණත්වයෙන් ක්‍රියා කරන බවට පොරොන්දු වෙමින්. ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතාට විරුද්ධව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ පදනමක් ඇතිවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්ෂණ සාධාරණව සහ යුක්ති සහගතව විනිවිදභාවයෙන් සිදු කිරීම සඳහා නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිධුරයේ සිටිම ගැටලුවක් වී තිබෙනවා. අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිධුරයෙන් ඉවත්විය යුතු බව කතෝලික සභාවත් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා. අරුණ ජයසේකර මහතා නියෝජ්‍ය ආරක්ෂක ධුරයේ තබාගෙන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව ඒ පරික්ෂණය යුක්ති සහගතව සිදුකළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම අරුණ ජයසේකර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදිලා තිබෙනවා. ඔහු යටතේ සිටින නිලධාරින් සාක්ෂි ලබාදිලා තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරික්ෂණ කටයුතු සාධාරණව කරගෙන යාම සඳහා ඉඩක් ලබාදිමට අරුණ ජයසේකර මහතාට සහ ජනාධිපතිට රජයට අවශ්‍යතාවය තිබෙනවානම් කළ යුත්තේ පරික්ෂණ සාධාරණව සහ නිශ්චිතව පවත්වාගෙන යාම සඳහා , බාධාවක් තිබෙන කාරණා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට පෙර ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට ස්වෙච්ඡාවෙන්ම ඉවත් වීමට ඉඩ තිබුණා. නමුත් එසේ ඉවත් නොවි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ සඳහා අභියෝගයක් එල්ල කර තිබෙන බව විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනිමට ඉඩ නොදිමෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව නියෝජ්‍ය ඇමැතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි බව තිරණය කරනවානම් එය සිදුකරන්න නෙවෙයි වර්තමාන ආණ්ඩුව පත්වුණේ. විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි බව කොතනකවත් සඳහන් වන්නේ නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව සත්භාවයකින් හෝ විනිවිදභාවයකින් ක්‍රියා කරනවානම් ස්ථාවර නියෝගවල සඳහන් කාරණා අලුත් කිරීමට සහ ඒවාට කරුණු එකතු කරන්න ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා. ඒ වගේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සඳහා සිදුකරන පරීක්ෂණ කටයුතු විනිවිදභාවයකින් සිදුකිරිමට බාධාවක්ව පවතින ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාව ඉවත් කිරීමට ආණ්ඩුව අකමැත්ත ප්‍රකාශ කිරීම හරහා පාස්කු ප්‍රහාරයේ පරික්ෂණ ඉදිරියට යනවාද නැද්ද කියන කාරණය පැහැදිලි වෙනවා. මේ සඳහා ආණ්ඩුව පිලිතුරක් ලබාදිය යුතුයි. ඒ වගේම අරුණ ජයසේකර මහතාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බලන්න විපක්ෂය කටයුතු කරනු ලබනවා. කතෝලික සභාවේ ඉල්ලිම ද ප්‍රතික්ෂේක කරමින් ආණ්ඩුව ගනු ලැබු තිරණය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම විශ්වාසභංග යෝජනාවේදී අපි පරාජය වුනේ නැහැ. පරාජය වුණේ ආණ්ඩුවයි. ආණ්ඩුවට බහුතර බලයක් සිටිනවා. ඒ නිසා ඔවුන් විශ්වාසභංග යෝජනාවට බිය විය යුතු නැහැ. නමුත් විශ්වාංසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා විට ආරක්ෂ නියෝජ්‍ය ඇමැතිවරයාගේ කරුණු කාරණා පාර්ලිමේන්තුවේදී හෙළි වෙනවා. එවිට වර්තමාන ආණ්ඩුවේ ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිගේ කරුණු කාරණා හෙළි වෙනවා. ඒවා වළක්වාගැනිම සඳහායි ආණ්ඩුව මෙවැනි තින්දුවක් ගෙන තිබෙන්නේ. මර්දනයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිකිරිම වෙනුවෙන් විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂ සමඟ ඒකාබද්ධව කටයුතු කිරිමේ බලය පක්ෂ නායකතුමාට සහ පක්ෂයට කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදී පවරනු ලැබුවා. ඒ වගේම සමගි ජන බලවේගයේ ආසන පුරප්පාඩු සම්පුර්ණ කිරිම සඳහා සමාලෝචන කමිටුවක් පත් කළ අතර එම කමිටුවට පක්ෂයේ මහ ලේකම් , ජාතික සංවිධායක ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පත් කරනු ලැබුවා. ඒ වගේම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කරනු ලැබුවා. ඒ වගේම පළාත් පාලන ආයතන ගණනාවක් පුරප්පාඩු කිහිපයක්ම තිබෙනවා. ඒ පුරප්පාඩු පිරවිම්වල යම් ප්‍රමාදයක් තිබුණා. පක්ෂයේ තිබෙන නිර්ණායක අනුව ඇතැම් පළාත් පාලන ආයතනවලට නියෝජිතයන් පත් කිරීම ප්‍රමාද වුණා. ඒ අනුව පක්ෂයේ නිර්ණායකවලට අනුකුලව පළාත් පාලන ආයතනවල සියලුම පුරප්පාඩු වහාම පත් කිරීමට කටයුතු කිරිමටද කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමේදී තින්දු කරනු ලැබුවා. ඒ වගේම පක්ෂයක් ලෙස ඒකාබද්ධව කටයුතු කිරිම , නොකඩවා ආණ්ඩුවේ අභියෝග වලට මුහුණ දිම පිළිබඳව , සෙසු දේශපාලන පක්ෂ සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරිම පිළිබඳවත් සමගි ජනබලවේගය අවදානය යොමු කරන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම බහලුම් පිළිබඳව නැවැත කතා බහක් සමාජය තුළ ඇති වී තිබෙනවා. එම බහලුම් සිද්ධිය ආණ්ඩුව මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරගෙන තිබෙනවා. කෙසේ හෝ බහලුම් 323 ක් පරික්ෂාවකින් තොරව නිදහස් කිරීමට තිරණය කරනු ලැබුවේ ආණ්ඩුවයි. 2025 දෙසැම්බර් මාසයේ ඇතිවුණ තදබදය සෙවිමට බිමල් රත්නායක ඇමැතිවරයගේ ප්‍රධානත්වයෙක් කමිටුවක් පත් කරනු ලැබුවා. මෙම කමිටුවට අමතරව 2025 ජනවාරි මාසයේ බහලුම් 323 පිළිබඳව වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදි තිබුණා. ඒ වගේම වරායට පැමිණි නැව් නැවත හරවාගෙන ගොස් ඇති බව බිමල් රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. නමුත් එවැනි සිදුවීමක් සිදුවී නැති බව රේගුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා. ඒ වගේම 2025.01.21 වැනිදා පරික්ෂාවකින් තොරව බහලුම් 323 ක් තොගයක් නිදහස් කළ බව රේගු වෘත්තිය සමිති ප්‍රකාශ කළා. ඒ වගේම ජනාධිපතිවරයාගෙන් සහ බිමල් රත්නායක ඇමැතිවරයාගේ උපදෙස් පරිදි මෙම බහලුම් තොගය නිදහස් කළ බව තිරණය කර තිබෙන බව සඳහන් වෙනවා. ඒ වගේම බහලුම් 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කරලා රේගුවේ තදබදය අඩු කරන්න ක්‍රියා කළ බව වරාය නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. එම බහලුම්වල වගකිම ආණ්ඩුව ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළා. ඒ වගේම බහලුම් දෙකක අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය වන රසායනික ද්‍රව්‍ය තිබෙන බව වාර්තා වුණා. කෙසේ නමුත් මෙම බහලුම් දෙක නිදහස් කර තිබෙන්නේ 2025 ජනවාරි මාසයේ 27 බව ද සඳහන් වෙනවා. මෙම බහලුම් පිළිබඳව තොරතුරු බුද්ධි අංශවලට ලැබි තිබුණ බවත් සඳහන් වෙනවා. එසේ තොරතුරු ලැබි තිබුණානම් මෙම බහලුම් පරික්ෂාවට භාජනය කරන්න තිබුණා. කෙසේ හෝ මෙම බහලුම් දෙක රේගුවෙන් නිදහස් වී තිබෙනවා. කෙසේ නමුත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට අදාල රසායනික ද්‍රව්‍ය යම් පුද්ගලයෙන් ගෙන ආ බවත් , පසුව ඔහු ඒවා වල දැමූ බවත් , ඉන්පසුව අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට කර්මාන්තශාලාවක් සකස් කරන්න කටයුතු කළා වැනි මාධ්‍ය සංදර්ශන පවත්වන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම පසුගිය කාලයේ කතාබහට ලක්වුණ බහලුම් 323 ට මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු බහලුම් දෙක අයත් වන්නේ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. මෙම බහලුම් ගෙන ආවේ කවුද ? මෙම බහලුම් වල තිබුණේ මොනවාද ? නිසි පරික්ෂාවට මෙම බහලුම් පත් වුණාද ? මෙවැනි බරපතල ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. මෙම බහලුම් පරික්ෂාවකින් තොරව නිදහස් කිරිම පිළිබඳව වගකිම කවුද ගනු බලන්නේ. ඒ මගේ මෙම රසායනික ද්‍රව්‍ය ඇතුලත් බහලුම් පිළිබඳව තොරතුරු ලැබි තිබියදි ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකරිම පිළිබඳව එම නිලධාරින් වගකිම භාර ගත යුතුයි. ඒ වගේම මෙම බහලුම්වල තිබුණ දේවල් පිළිබඳව විවිද කතා සමාජය තුළ පැතිර තිබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධිය ආණ්ඩුව සංදර්ශනයක් බවට පත් කරගෙන තිබෙනවා. මෙම බහලුම් දෙක රට තුළට පැමිණෙන විට ඒ පිළිබඳව නිසි සොයා බැලිමක් නොකරපු ආණ්ඩුව සහ අදාල නිලධාරින් මේ සම්බන්ධයෙන් වගකිම භාරගත යුතුයි. ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනාට නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම බහලුම් 323 පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා. අදත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. බහලුම් 323 සිද්ධිය පිළිබඳව නිශ්චිතව රටට හෙළි කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රටට අහිතකර දේවල් රට තුළට පැමිණිම වළක්වන්න ආණ්ඩුව අසමත් වී තිබෙන බව මෙම කාරණයේදී පැහැදිලි වෙනවා. මෙම බහලුම් සිද්ධි පිළිබඳව මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතිව මෙවැනි කටයුතු නැවැත්විම සඳහා කටයුතු කරන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම විදුලි බිල සියයට 6.8 කින් වැඩි කරන්න ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ කර තිබෙනවා. කෙසේ නමුත් විදුලි බිල මහජනතාවට දරාගැනිමට හැකි වන පරිදි අඩු කරන බව ජාතික ජනබලවේගය බලය ලබා ගැනිමට පෙර මැතිවරණ වේදිකාවලදි දිගින් දිගටම ප්‍රකාශ කළා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලය කොටස් 4 කට කඩන්න ආණ්ඩුව උත්සහ දරනවා. නමුත් බලය ලබාගැනිමට පෙර ආණ්ඩුව ප්‍රකාශ කළේ විදුලි බල මණ්ඩලය විකුණන්න කිසිසේත් ඉඩ ලබාදෙන්නේ නැහැ කියලයි. විදුලි බල මණ්ඩලය ශක්තිමත් කරන්න කටයුතු කරන බවයි ආණ්ඩුව බලය ගැනිමට පෙර ප්‍රකාශ කළේ. කෙසේ නමුත් ආණ්ඩුව නැවත වතාවක් විදුලි බිල වැඩි කිරිමට තිරණය කිරිමෙන් ජනතාව සහ කර්මාන්තකරුවන් දැඩි අපහසුතාවයට පත් වෙනවා. ආණ්ඩුව ලබාදෙනවා යැයි කියු සහනයවත් ලබාදෙන්නැයි අපි ආන්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට බලය ලැබුණ පසු සියල්ල අමතක වී තිබෙන ස්වභාවයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ජනාධිපතිගේ නිල කාලයෙන් පහෙන් එකක් මේ මාසයේදී අවසන් වෙනවා. ඒ වගේම ඔහුට තවත් වසර 4 ක් තිබෙනවා. නමුත් ආණ්ඩුවේ නිල කාලයෙන් ගෙවුන වසර දෙන නැවත හැරි බැලුවහොත් රටට සහ ජනතාව කිසිවක් සිදුවෙලා නැහැ. රට තිබුණ තත්ත්වයෙන් ඉහළට ගොස් නැහැ. ජනාධිපතිවරයෙකුගේ ස්වර්ණමය අවස්ථාව වන්නේ ඔහුගේ නිල කාලයෙන් පළමු වසරයි. එම වසර තුළ රට ඉදිරියට ගෙන යාම සඳහා තින්දු තිරණ ගැනීම , ආයෝජන වැඩි කිරිම නිෂ්පාදනය වැඩි කිරිමට අවශ්‍ය මුලික පියවරයන් ගත යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් වර්තමාන ආණ්ඩුව තුළ පෙනෙන්නට නැහැ. ඔවුන් රටේ මුහුණ දි තිබෙන අභියෝග හඳුනාගෙන නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව පලමු වසර තුළ සිදුකළේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් ජනතාව මුලාවට පත් කිරිම පමණයි. වෙන කිසිවක් සිදුකළේ නැහැ. රට තිබුණ තත්ත්වයනේ යම් මට්ටමකට ගෙනැවිත් තමයි අනුර දිසානායක මහතාට රනිල් වික්‍රමසිංහ මහතා රට භාර දෙනු ලැබුවේ. එහිදි නැවත බංකොලොත් නොවීමට , ණය ගෙවිමට හැකියාව ඇති කර ගැනිම , ණය ප්‍රතිව්‍යුගතකරණය කිරිම හරහා මුදල් උත්පාදනය කර ගැනිම , ආර්ථික සංවර්ධනය , රටේ සංවර්ධනය , ජනතාවගේ ජිවන තත්ත්වය ඉහළ නැංවිම වැනි කිසිවකට වර්තමාන ආණ්ඩුව මුල පුරලා නැහැ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව අලුතින් ආරම්භ කළ කිසිදු ව්‍යාපෘතියක් , ආයෝජනයක් නැහැ. පසුගිය ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙල එලෙම ගෙන යාමට වර්තමාන ආණ්ඩව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම සිවිල් ආරක්ෂක කමිටුවලට පවා ආණ්ඩුව මැදිහත් වෙන්න කටයුතු කරනවා. ගම්වල මෙවැනි ස්වෙච්චා සංවිධාවලට ආණ්ඩුවේ බලහත්කාරයෙන් පිරිස් ඇතුලත් කරන්න ආණ්ඩුව දැන් කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ගමේ අධිකරණ බලය ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ට පවරන බව ලාල් කාන්ත මහතා ප්‍රකාශ කර තිබුණා. ඔවුන් සිදුකරන්න යන්නේ ගමේ නඩු අහන බලය ලබාගන්න. සිවිල් ආරක්ෂක කමිටුවලට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් පත් කරන ලෙස ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රිවරු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා තිබෙනවා. ඒ පත් කිරිමේ හරහා ආණ්ඩුවේ සිවිල් ආරක්ෂක කමිටුවක් ගම්වල නිර්මාණය කරලා ගමේ බලය ජනතා විමුක්ති පෙරමුණ සතු කරගැනිමට තමයි ඔවුන් උත්සහ කරමින් සිටින්නේ. ආණ්ඩුවේ බලය ජාතික වශයෙන් පිරිහෙන විට බිම් මට්ටමේ සිවිල් කමිටුවල බලය අල්ල ගැනිමටයි ආණ්ඩුව මේ හරහා උත්සහ කරන්නේ. නමුත් මෙම ක්‍රියාවලිය තාවකාලිකයි. සිවිල් ආරක්ෂක කමිටුවලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් පත් කිරිමට දරනා උත්සහාය වැරදි ක්‍රියාවක්. මෙම කටයුතු වලට සම්බන්ධ නොවන ලෙස අපි පොලිස් නිලධාරින්ගෙනුත් ඉල්ලා සිටිනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අහනවා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය ඒකාබද්ධ වෙනවාද කියලා. නමුත් පක්ෂ දෙකක් ඒකාබද්ධ කිරිම ලෙහෙසි දෙයක් නෙවෙයි. ඒ නිසා අපි වැඩ කළ යුත්තේ සන්ධානගත දේශපාලනයක් සඳහායි. ඒ වගේම ඉදිරියේදී සන්ධානගත දේශපාලන ශක්තිමත් වෙලා ඉදිරියේදී එක පක්ෂයක් වෙන්න පුලුවන්. නමුත් ඒ සඳහා තව කල් තිබෙනවා. සන්ධානගත දේශපාලනයක් වෙනුවෙන් සියලුම විපක්ෂයේ කණ්ඩායම් එකතු කරගන්නයි සමගි ජනබලවේගය බලාපොරොත්තු වෙන්නේ. සන්ධානගත දේශපාලනයක් ආරම්භ කරන්න බොහෝ දේශපාලන පක්ෂ සිටිනවා. ඒ වගේම සන්ධානගත දේශපාලනයක් සඳහා වැඩ කිරිමයි අපේ එකම තිරණය වී තිබෙන්නේ. ඊට අමතරව මර්දනයට විරුද්ධව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනිම වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟ කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම මර්දනයට විරුද්ධව සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනිම වෙනුවෙන් සහ අවබෝධයෙන් වගේම එකඟතාවයෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී කටයුතු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් එකට එකුවේවි යැයි ආණ්ඩුවට බයක් ඇති වී තිබෙනවා. ජනාධිපතිවරණයේදී අපි නොබෙදි සිටියානම් අද ජාතික ජනබලවේගය ජය ගන්නේ නැහැ. ආණ්ඩුව ඒ බව දන්නවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු එකතු වුණොත් ජාතික ජනබලවේගයට ඔලුව උස්සන්න බැහැ. ඒ වගේම ශ්‍රී ලංකාව බාහිර යාන්ත්‍රණවලට යට වන්නේ නැති බව ජිනිවා නුවරදී ප්‍රකාශ කර තිබුණා. එය ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් එය අලුත් දෙයක් නෙවෙයි. ඒ බව පසුගිය ආණ්ඩුත් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් එතනින් එහාට පියවරක් තබන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. නමුත් විදේශ කටයුතු ඇමැතිවරයා එවැනි දෙයක් ප්‍රකාශ කිරිම ගැන සතුටට පත් වෙනවා. රාජපක්ෂ ආණ්ඩුව , යහපාලන ආණ්ඩුව , රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ශ්‍රී ලංකාවට බාහිර මැදිහත්විමක් ඇතිවීම ප්‍රතික්ෂේප කළා. ඒ දෙයම වර්තමාන ආණ්ඩුවත් සිදුකර තිබුණා. ඒ පිළිබඳව අපි සතුටට පත් වෙනවා. නමුත් ඒවා ජයග්‍රහන ලෙස හැදින්විමට නොහැකියි.‘‘