Published
තෙවන දිනය වන අද දින විවාදයට ගැණුනු 2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ ආරක්ෂක අමාත්‍යාංශය වැය ශීර්ෂය වැඩි ඡන්ද 92කින් සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 101ක්ද විපක්ෂව ඡන්ද 09ක්ද හිමි විය.
අනතුරුව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන්ද සිදු කල ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 100ක්ද විපක්ෂව ඡන්ද 02ක්ද හිමි වී තිබුනා
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මත විය



