හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයන්ට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවට රටේ පුරවැසියන් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් වගකීමක්ද පවතින බවයි. බණ්ඩාරවෙලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.