Published
ලබන වසර සදහා අය වැයෙන් වෙන් කරන මුදල්වලින් ජනවාරි හෝ පෙබරවාරි මාසවලදි වැඩ ආරම්භ කිරීමට උපරිම උත්සාහයක් ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දිස්ත්‍රික්කය වෙත මුදල් ලැබීමෙන් පසු අදාළ කාලය තුළදි යෝජිත ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ. මොණරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.
දිස්ත්‍රික්කයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදී නිලධාරින්ගෙන් විමසිමක්ද කළා.