ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයින්ට සේවා සපයන ස්ථාන සම්බන්ධයෙන් විශේෂ නියාමනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් සංචාරක කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විදානගම මහතා පැවසුවේ සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කරන විදේශිකයන් සම්බන්ධයෙන් විශේෂයෙන් සොයාබලන බවයි.

ඊශ්‍රායල් ජාතිකයින්ගේ ආගමික මධ්‍යස්ථානවලට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. ඊශ්‍රායල් සංචාරකයින්ට පමණක් නොව මෙරටට පැමිණෙන සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.