අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන මගී ප්‍රවාහන බස් රථවල මගී ආසන සඳහා ආසන පටි අනිවාර්ය කිරීම සැප්තැම්බර් මස පළමුවනදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ - ධාවන ෂෙරිල් අතුකෝරළ මහත්මිය නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවල හිමිකරුවන් මේ වන විට ලිඛිතව දැනුවත් කර ඇති බවයි. ඒ අනුව මෙම මාසය තුළ අදාළ ආසන පටි සවි කිරීම සිදු වන්නේද යන්න සම්බන්ධයෙන් සහ සවිකර ඇති ආසන පටි නිසි පරිදි ක්‍රියා කරන්නේදැයි පරික්‍ෂා කරන බවයි ඇය කියා සිටියේ. දැනට අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල සියයට 95ක් පමණ මගී ආසන පටි පළඳින බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. මෙම මාසය පුරා ඊට අදාළ දැනුවත් කිරීම් සිදු කරන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ධාවන ෂෙරිල් අතුකෝරළ මහත්මිය පැවසුවා.
Published