ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහභාගී වන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ආසියානු කුසලානය සඳහා සූදානම් වීම සඳහායි.
ඒ අනුව අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල සාජා හිදී එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් සත්කාරකත්වය දරමින් තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ සංවිධානය කරනු ඇති.
තරඟාවලිය රවුන්ඩ්-රොබින් ආකාරයට පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම සමඟ දෙවරක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
වැඩිම ලකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහා තරඟයේදී තරඟ වදිනු ඇති.
පන්දුවාර 20යි 20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පාකිස්තානය 08 වන ස්ථානයේ සිටින අතර ඇෆ්ගනිස්ථානය 09 වන ස්ථානයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 14 වන ස්ථානයේ පසුවනවා.
ආසියානු කුසලානය සැප්තැම්බර් 09 සිට 28 දක්වා පැවැත්වෙන්නේද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයී.