ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සහභාගී වන ශ්‍රී ලංකා පන්දු වාර විස්සයි විස්ස සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්. සුපුරුදු පිරිදි එහි නායකත්වය චරිත් අසලංක විසින් හොඹවනවා. එහි විශේෂත්වය වන්නේ නවක ක්‍රීඩකයින් වන කමිල් මිෂාර සහ නුවනිදු ප්‍රනාන්දු ද සංචිතයට කැඳවා තිබීමයි. පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා සහ කමිඳු මෙන්ඩිස් සංචිතයට ඇතුළත්ව සිටිනවා. දසුන් ශානක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ සහ චාමික කරුණාරත්න සංචිතයට එක්ව සිටින්නේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසයි. මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ මතීෂ පතිරණ සංචිතයට නම් කර සිටින වේග පන්දු යවන්නන් වනවා. ආසියානු කුසලාන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ලබන සැප්තැම්බර් 09 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු එක්දින තරඟය තව නොබෝ වේලාවකින් සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.