Published
චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ, ආසියානු ජායාරූප කලා සංගමයේ 28 වන අන්තර්ජාතික සමුළුවට සහභාගී වීම සඳහායි.
මෙම පළමු චීන ජාතික සංචාරක ජායාරූප ශිල්පීන් පිරිස තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයකින් පැමිණ තිබුණා.
මෙම සමුළුව, ආසියානු රටවල් 07ක සහ අමෙරිකාවේ සංචාරක ජායාරූප ශිල්පීන් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හෙට දිනයේ සිට 07 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
එය පැවැත්වෙන්නේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටයේදීයි.
එම සමුළුවට සමගාමීව ජායාරූප ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.