ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් පදක්කම් කිහිපයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වී තිබෙනවා.
ඒ අනුව මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනු ලැබුවේ සෆියා යාමික්.
ඇය තරඟය නිම කළේ තත්ත්පර 11යි දශම 5යි 3ක කාලයක් ගත කරමින්.
එම තරඟ ඉසව්වේ රිදී පදක්කම දිනා ගත් අමාශා ද සිල්වා තත්පර 11යි දශම 7යි 2කින් තරඟය අවසන් කිරීමට සමත් වුණා.
මේ අතර සිව්වැනි දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට පසිඳු මල්ෂාන් සමත් වීම විශේෂත්වයක්.
ඒ පිරිමි තුන්පිම්ම ඉසව්වේදී මීටර 16යි දශම 1යි 9ක දක්ෂතාවක් වාර්තා කරමින්.
එම තරඟාවලියේදී පිරිමි මීටර 5,000 ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට වික්නරාජ් වක්ෂාන් සමත් වුණා.
ඒ විනාඩි 14 යි තත්පර 23යි 2යි 1ක දක්ෂතාවක් වාර්තා කරමින්.
මේ අතර, බහරේන් හිදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් ක්‍රීඩා උලෙළේදී පැවැති මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් ශ්‍රී ලංකාවට පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්වුණා.
ඒ අනුව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනු ලැබුවේ චතුර දුලාංජන විසින්.
ඒ, මීටර් 62යි දශම 5යි 1ක දුරක් වාර්තා කරමින්.
පිරිමි මීටර් 400 ඉසව්වෙන් තත්පර 47යි දශම 7යි 2ක කාලයක් වාර්තා කරමින් ශානුක කොස්තා ලෝකඩ පදක්කම දිනා ගත්තා.




