වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ තමන් සහභාගි වූ පළමු තරගය ජය ගැනීමට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
ඒ, නේපාල කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 8 කින් ජය ගනිමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම පන්දුවාර 28යි පන්දු 5කදී ලකුණු 82කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සෙත්මික සෙනෙවිරත්න ලකුණු 25කට කඩුලු 5ක් දවාගත්තා.
ජයග්‍රාහි ලකුණු 83ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 84ක් රැස්කර ගනිමින් තරගය ජයගත්තා.
එහිදී දිමන්ත මහවිතාන නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 39ක්.
ඩුබායිහි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ බී කාණ්ඩයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනවා.




