වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පාකිස්තාන කණ්ඩායම අද සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී ඉන්දීය යොවුන් කණ්ඩායමට ලකුණු 191ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමින්.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්තාන යොවුන් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 08ක් දැවී ලකුණු 347ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට පාකිස්තාන ක්‍රිඩකයින් සමත් වුණා.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ සමීර් මින්හාස් පන්දු 146කදී ලකුණු 172ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ශක්තිමත් කළා.
ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය යොවුන් කණ්ඩායමට පන්දුවාර 26යි පන්දු 05ක් තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වුණේ ලකුණු 156ක් පමණයි.
ඒ අනුව වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුල දෙවන වරටත් හිමිකර ගැනීමට පාකිස්තාන යොමුන් කණ්ඩායම සමත් වුණා.




