තායිලන්තයේ පැවති එක්සත් ගෝලීය සාමසාධක ෆෙඩරල් කවුන්සිලයේ වාර්ෂික සැසි වාරයට සහභාගී වීම සදහා එහි ගොස් සිටි ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිස 07/29 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම සැසි වාරය ලෝකයේ රටවල් 55 ක නියෝජිතවරුන්ගෙන් සහභාගීත්වයෙන් ඉකුත් 07/24 දින සිට 07/28 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණා.

මෙයට සහභාගී වූ ආසියානූ මානව හිමිකම් සංවිධානයේ සභාපති මෙන්ම එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දිමුතු බාලසූරිය මහතා ඇතුළු 15 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ සාමය ස්ථාපිත කිරීම සදහා ආසියානූ මානව හිමිකම් සංවිධානය ඉටු කරන ලද කාර්යය භාරය අගය කරමින් එහි සභාපති ආචාර්ය දිමුතු බාලසූරිය මහතා වෙත රන් සම්මානයක් පිරිනමා ඇති අතර මීට අමතරව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ව්‍යාපෘතියකට රන් සම්මානයක් සහ ආසියානූ මානව හිමිකම් සංවිධානයේ තරුණ සන්නාම තානාපතිවරයෙකු ලෙස තිනෝන් පිටර්සේ සිසුවා ද පත් කර තිබෙනවා.

මෙම ආසියානූ මානව හිමිකම් සංවිධානයේ නිලධාරීන් පිරිස 07/29 දින සවස 04.20 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.