Published
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු අතර හමුවක් සිදුව තිබේ.
ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරදීයි.
එක්සත් රාජධානියේ සැන්ඩ්‍රින්හැම් මන්දිරයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි III චාල්ස් රජු හමුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර මද වේලාවකින් අනතුරුව මෙම හමුව සිදුවිය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අඛණ්ඩ උත්සාහය මින් පිළිඹිබු වන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සැන්ඩ්‍රින්හැම් මන්දිරයේදී චාල්ස් රජු අගමැති මෝදි පිළිගත් බව X හි සටහනක බ්‍රිතාන්‍ය රාජකීය පවුල තහවුරු කර තිබිණි.
එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට සංචාරයක් සඳහා චාල්ස් රජුට ආරාධනයක් ද සිදු කර තිබේ.