සීනි සඳහා පනවා ඇති වැට් බදු සංශෝධනය කර ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

ඔහු පැවසුවේ දේශීය සීනිවලට වඩා අඩු බද්දක් ආනායනික සීනි සඳහා පනවා තිබීම අසාධාරණ බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ එක් එක් නිෂ්පාදන සඳහා පමණක් වැට් බදු සංශෝධනය කළ නොහැකි බවයි.

මේ අතර ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා.

අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.

කෙසේවෙතත් එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මතුව ඇති ගැටලුව පිළිබඳ සියලු අංශ සමඟ සාකච්ඡා කර කඩිනමින් විසඳුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 2025/26 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවයි.

]]]2024 වසරේදි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම්දී තිබූ අතර ඒ අනුව තමන් ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.