ඝාතනය කරන ලද ඇත් පැටවකුගේ හෝ වෙනත් හේතුවක් නිසා මියගිය ඇත් පැටවෙකුගේ හෝ දළ යුගලක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධ සැකකරුවන් සිව් දෙනකු අගෝස්තු මස හත දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කර තිබෙනවා.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ කැකිරාව මීගස්වැව සමගිගම පදිංචිකරුවෙකු සහ කැකිරාව ඔලුම්බෑව පදිංචිකරුවෙකුයි
සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඇත් දළ යුගල අඟල් 24 ක් පමණ දිගකින් යුක්ත වන අතර එම දළ යුගල අධිකරණය භාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කෙරිණ.
මේ අතර සැකකරුවන් මෙම ඇත්දල යුගල තම සන්තකයට ලබාගත්තේ කුඩා ඇත් පැටවකු ඝාතනය කිරීමෙන් අනතුරුව ද නොඑසේ නම් වෙනත් පාර්ශවයක් මගින්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි අඩව් වන ආරක්ෂක ප්‍රසාන්ත විජේකෝන් මහතා පවසා සිටියේ
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රසාන්ත විජේකෝන් මහතාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.