අද වන විට විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂවල අර්බුද හටගෙන තිබෙන්නේ පසුගිය ආණ්ඩු සමයන් තුළදී රට තුළ ක්‍රියාත්මක කළ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා.

එම පක්ෂවල වෙනසක් සිදු නොවුනහොත් එම පක්ෂ විනාශයට ලක්වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මේ අතර, සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කළද නායකත්වයේ කිසිදු වෙනසක් මේ මොහොතේ අවශ්‍ය නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ නායකත්වයේ වෙනසක් සිදු කළ යුතු බවට යම්කිසි පිරිසකගේ අදහස වුවද එය පක්ෂයේ බහුතර අදහස නොවන බවයි.