Published
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම්වලට ලක් කිරීමට කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යනු ශක්තිමත්ම විදෙස් සබඳතාවලින් හෙබි මෙරට දැවැන්ත කාර්ය භාරයක් සිදු කළ නායකයෙකු බවයි එම පක්ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ. එක්සත් ජාතික පක්ෂය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
රට ගොඩ ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සැවොම එක් විය යුතු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පෙර තමන් වෙත සිදු කළ ප්‍රකාශයක හඬ පටයක්ද මෙම මාධ්‍ය හමුවේදී හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රචාරය කළා. මේ අතර, හිටපු ජනාධිපති සිය බලය රැක ගැනීම සඳහා ආණ්ඩුව සිදු කරන මෙවැනි ක්‍රියා සිය පක්ෂය හෙළා දකින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසුවේ. කෙසේවෙතත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ ප්‍රශ්නගත විදෙස් සංචාරයේදී රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව තවදුරටත් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බවයි පොලීසිය පැවසුවේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මෙම අදහස් පළ කළා. මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා.