විදුලිබලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

ඒ අනුව අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතවරයා විසින් කරන ලද ප්‍රකාශනය මෙලෙස විවාදයකින් තොරව හෙට දින අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් පළ වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය සිදු විය යුත්තේ සේවකයින්ගේ රැකියා සුරක්‍ෂිත කරමින් බවයි.

ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පැවසුවේ නිසි ක්‍රමවේදයට අනුව රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීම සිදු වන බවයි.

මේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට මේ වන විටත් කටයුතු කර තිබෙනවා.