Published
ඇදහැලෙන මහ වැසි හේතුවෙන් රාජාංගණය, අංගමුව සහ දැදුරු ඔය ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
මේ, එහි ජල කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් පී එස් ඩී හේරත් මහතා.
මේ අතර දිස්ත්‍රික්ක 11කට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
පවතින වර්ෂාපතනය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකිය සැලකිල්ලට ගනිමින් එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ.
මේ අතර අද රාත්‍රියේද දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.