අනුරධපුර මහාධිකරණය හමුවේ පැවති එච්සී/69/2018 අංක දරණ නඩුවේ විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්නට පසුගිය වෙසෙන් පොහොය දා ජනපති පොදු සමාව ලබා දී ඇති බවට තම අත්සනින් යුතුව ලේඛනයක් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න ඔහුට එරෙහිව තිබු අදාළ නඩුවෙන් නිදහස් කර මුදා හැරීමට ඉඩ සැළැස්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන දෙසතියක කාලයක් රිමාන්ඩ් කර සිට පසුව දැඩි ඇප කොන්දේසි මත මුදා හල අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.
ඒ අධිකරණ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියෝගයකට අනුවයි.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහි නඩුව ලබන අගෝස්තු මස 4 දින අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුfවි යළි හමුවේ යළි කැඳවීමට නියමිතය.
දෙසතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා දැඩි ඇප කොන්දේ‘සි මත මුදා හැරියේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල සහ නීතිඥවරුන් වන චතුර ධනංජය රණතුංග සහ ගාමිණි පෙරේරා සහ මංජුල තිරානේගම සහ ප්‍රසන්න අරම්පත් යන මහත්වරුන් සමඟ නීතිඥ හර්ෂණී බාලසූරිය මෙනවිය අධිකරණයට දැක්වූ කරුණු සැළකිලල්ට ගනිමිනි.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ කූඨ ලේඛණයක් සකස් කිරීම සිරකරුවෙකුට පළා යාමට ආධාර අනුබල දීම සහ රජය අපකීර්තියට පත් කිරීම යන චෝදනා යටතේය.