ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.
දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් පැමිණෙන කන්ද උඩරට කාර්යබහුල දුම්රිය ස්ථානයක් ලෙස නානුඔය දුම්රිය ස්ථානය හැඳින්වෙනවා.
එහි දැනට පවතින අඩුපාඩුකම් පිළිබඳ නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු සේවකයින් විසින් අමාත්‍යවරයා දැනුවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඒ අනුව එම දුම්රිය ස්ථානයේ පවතින ප්‍රධානතම අඩුපාඩුකම් කඩිනමින් සපුරා දීමට ප්‍රවාහන අමාත්‍යවරයා එකඟතාවය පලකල තිබෙනවා.
එමෙන්ම නානුඔය දුම්රිය ස්ථානය වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට උපරිම සේවාවක් ලබාදෙන ලෙසට ද ප්‍රවාහන, මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී නානුඔය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.
Published