Published
ඇමසන් වෙබ් සේවාවල හදිසි බිඳවැටීමක් සිදු වී තිබෙනවා.
මේ හේතුවෙන් ලොව විශාලතම වෙබ් අඩවි සහ යෙදවුම් බොහොමයක් අක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව මෙහි බලපෑමට ලක්වූ ආයතන ගණන 500කට අධික වනවා.
ඇමසන් cloud සේවා ලබන Amazon Prime, Perplexity, Fortnite, Alexa, Snapchat ඇතුළු යෙදවුම් රැසක් අක්‍රීය වීම හේතුවෙන් බැංකු ගනුදෙනුකරුවන්ටද බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තවද ලොව ප්‍රධාන පෙළේ බැංකු සේවා වන ලොයිඩ් සහ හෙලිෆැක්ස් යන බැංකු සේවා ද බලපෑමට ලක්වී තිබෙනවා
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමසන් ආයතනය සඳහන් කර සිටියේ එම සේවා නැවත යථා තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි