ඇමෙරිකාවේ කෙන්ටකි, ලෙක්සිංටන් හි පල්ලියක් අසල සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිදු වූ වෙඩි තැබීම්වලින් මියගියේ වයස අවුරුදු 72 ක් වූ කාන්තාවක් සහ වයස අවුරුදු 32 ක් වූ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවක්කුකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
තුවක්කුකරු මෝටර් රථයක් පැහැරගෙන ඇති අතර එහිදී පොලීසිය සමග වෙඩි හුවමාරුවක්ද සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුව පැහැරගත් මෝටර් රථය පොලීසිය ලුහුබැද ඇති අතර එහිදී ද තුවක්කුකරු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.
අනතුරුව ලෙක්සින්ටන් ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථානයක් අසලට පැමිණි ඔහු එහි රැඳී සිටි පිරිසට වෙඩි තබා ඇති අතර එහිදී අදාළ කාන්තාවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ