එළඹෙන 2026 වසරේ මැයි 15 දින ටෙක්සාස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර “වෙසක් දිනය” පිළිබද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය දැනුවත් කිරීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ , ඩලස් හි කණ්ඩාවෝ විහාරස්ථානයේ විහාරධිපති රතනගුණ හිමියන් ප්‍රධාන බෞද්ධ දූත පිරිසක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කර තිබුණා

මෙම ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය එරට වාසය කරන ශ්‍රී ලංකා , ඉන්දියා , තායිලන්ත ,චීන , බංගලදේශ , හීනයාන , මහායාන සහ තන්ත්‍රයාන භික්ෂුන් වහන්සේලා දීර්ඝ කාළයක් තුළ ගත් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් වනවා..

මෙම බෞද්ධ භික්ෂු දූත පිරිස සමග එරට වාසය කරන ගිහි දූත පිරිසක් ද පැමිණ සිටි අතර , ඔවුන් අද දින උදෑසන 08.20 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මෙම පිරිස පිළිගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල , අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරධිපති ආචාර්ය ආනන්ද හිමි , පුනරුත්ථාපන කොමසාරිස් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙම වෙසක් දින උත්සවයේ දී ටෙක්සාස් ඩලස් කණ්ඩාවෝ විහාරස්ථානයේ දී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් සහ චෛත්‍යයක් ඉදිකිරීම සදහා මුල් ගල් තැබීමට ද නියමිතය .