Published
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ බස් රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරට අදාළව එම අවස්ථාවේ මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ජීප් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධික වේගයෙන් ධාවනය වූ අදාළ බස් රථය ඉදිරියෙන් පැමිණි ජීප් රථයේ සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටේ ගැටී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. අනතුරෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. තුවාල ලැබූ තවත් පුද්ගලයින් 18 දෙනෙකු බදුල්ල ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. විනෝද චාරිකාවක නිරත වූ තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි ඇල්ල පොලීසිය පැවසුවේ.