Published
ඇල්ල ප්රදේශයේදී අඩි දහසක පමණ ප්රපාතයකට බස් රථය පෙරළුණු ස්ථානය ආශ්රිතව විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. අදාළ ස්ථානය නැරඹීම සඳහා ජනතාවද පැමිණෙමින් සිටින බවයි අනතුර සිදුවූ ස්ථානයේ මේ වන විටත් රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු විරාජ් ප්රනාන්දු පැවසුවේ.
බස් රථය ප්රපාතයට පෙරළී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා. තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සමග විනෝද චාරිකාවක නිරත වූ බස් රථයක් එලෙස අනතුරට ලක් වුණා.