Published
ඇල්ල ප්රදේශයේ බස් රථයක් ප්රපාතයට පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සිටින බවද තහවුරු වී තිබෙනවා. ඒ අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයාද වන බවයි වාර්තා වුණේ. අනතුරෙන් මිය ගිය පිරිස 15 දෙනෙක්. එමෙන්ම බස් රථයේ රියදුරා සහ කාන්තාවන් 09 දෙනෙකුද වන බවයි ඇල්ල පොලීසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්රතිකාර ලබනවා. ඒ අතර පිරිමි පුද්ගලයින් 08 දෙනෙක්, කාන්තාවන් 05ක් සහ ළමුන් 05 දෙනෙක් වන බවයි පොලීසිය පැවසුවේ.