Published
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. බස්රථය කිලෝමීටර 24 කනුව ආසන්නයෙන් මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇති අතර එය මීටර 200ක් පමණ පහළට ගොස් ඇති බව සඳහන් වනවා. ඇල්ලේ විනෝද චාරිකාවක් පැමිණි තංගල්ල නගර සභාවේ කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් යළි තංගල්ල බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් සිදු වූ හානිය පිළිබඳ තොරතුරු වාර්තා වී නැහැ.