ඇල්ල, වැල්ලවාය මාර්ගයේදී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ බස් රථ අනතුරෙන් මිය ගිය පුද්ගලයින් 15 දෙනාගෙන් 12 දෙනෙකුම තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බව එම නගර සභාව පවසනවා. එහි සභාපති පී පී ජී නන්දසිරි මහතා පැවසුවේ අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු සිට ඇති බවයි.