ඉරානයේ සහ පකිස්තානයේ සිටින ඇෆ්ගනිස්ථාන සරණාගතයින් පුලුල්ව හා අසංවිධානාත්මකව ආපසු හරවා එවීම පිළිබඳව
එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා කනස්සල්ල පළ කර තිබේ.
මෙම සරණාගතයින්ගේ පැමිණීම හමුවේ ඇෆ්ගනිස්ථානයේ තත්වය තීරනාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ප්‍රධානී අරෆත් ජමාල් පැවසුවේ මෙලෙස ආපසු පැමිණෙන සරණාගතයින් පිළිගැනීමට ඇෆ්ගනිස්තානය හොඳින් සූදානම් නැති බවයි.
අවුල් සහගත තත්ත්වය වඩා හොඳින් හසුරුවා ගැනීමට සහ වඩාත් ස්ථාවර ප්‍රතිඵලයක් ලබා ගැනීමට සංයමයක්, මූල්‍ය ආධාර, ජාත්‍යන්තර සංවාදයක් සහ සහයෝගීතාවක් අවශ්‍ය බව ඔහු පැවසුවේය.
සරණාගතයින්ගේ මෙම පැමිණීම ඇෆ්ගනිස්තානයට දැවැන්ත පීඩනයක් එල්ල කරන අතර සංයමයෙන් කටයුතු කරන ලෙස වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ඉරානයෙන් මිලියන 1.3 ක් ඇතුළුව ඇෆ්ගනිස්ථානුවන් මිලියන 1.6 කට වැඩි පිරිසක් මේ වසරේ පකිස්ථානයෙන් සහ ඉරානයෙන් පමණක් ආපසු පැමිණ ඇති බවයි.