නිල සංචාරයක් ආරම්භ කරමින් ඉන්දියාවට පැමිණි ඇෆ්ගනිස්තානයේ විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි පකිස්තානයට වක්‍රාකාරයෙන් අනතුරු ඇගවීමක් සිදු කර තිබේ.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ කිසිදු කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට ඉන්දියාවට එරෙහිව ඇෆ්ගනිස්ථාන භූමිය භාවිතා කිරීමට ඉඩ නොදෙන බවයි.

එය ත්‍රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන පාකිස්තානයට එල්ල කළ වාග් ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ පළමු සංචාරයක නිරත මුත්තකි මාධ්‍ය හමුවකදී පාකිස්තානයට අනතුරු ඇඟවූයේ "ඇෆ්ගන්වරුන්ගේ ධෛර්යය පරීක්ෂා නොකළ යුතු" බවයි.

"දුරස්ථ ප්‍රදේශවල දේශසීමාව අසල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පාකිස්තානයේ මෙම ක්‍රියාව වැරදියි කියලා අපි සලකනවා. වසර 40 කට පසු ඇෆ්ගනිස්ථානයට සාමය සහ ප්‍රගතිය ලැබී තිබෙනවා. ඇෆ්ගනිස්ථානුවන්ගේ ධෛර්යය පරීක්ෂාවට ලක් නොකළ යුතුයි. යමෙකුට මෙය කිරීමට අවශ්‍ය නම්, ඔවුන් සෝවියට් සංගමයෙන්, ඇමරිකාවෙන් සහ නේටෝවෙන් ඉල්ලා සිටිය යුතුයි, එවිට ඔවුන්ට ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කිරීම හොඳ නැති බව පැහැදිලි කළ හැකියි," මුත්තකි පැවසීය.

මේ අතර මුත්තකී සමග පැවැති හමුවේදී ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පවසා තිබුණේ ඉන්දියාවේ ආරක්ෂක ගැටළු කෙරෙහි ඇෆ්ගනිස්තානය දක්වන සංවේදීතාව ඉන්දියාව අගය කරන බවයි.