ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. එහි ප්‍රබලත්මය රික්ටර් මාපංකයේ ඒකක 6.0. මීට නොබෝ වේලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව භූ කම්පනයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 20කට අධිකයි. තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. මරණ ගණන මීට වඩා වැඩිවිය හැකි බවටයි අමෙරිකානු භූ විද්‍ය සමීක්‍ෂණ ආයතනයද අනතුරු අඟවා ඇත්තේ. භූ කම්පනය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නුවර සිට පකිස්ථානයේ ස්ලාමාබාද් අගනුවර දක්වා ගොඩනැගිලි සෙලවීමට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රධාන භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපාංක ඒකක 4.5 ත් 5.2 අතර පසු කම්පන තුනක්ද සිදුව තිබෙනවා.