ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය පුද්ගලයන් ගණන 800 දක්වා ඉහල ගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 2,500 ක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. රික්ටර් මාපාංක ඒකක 6.0ක භූමිකම්පනය ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ ලග්මන් පළාත්වලට බලපා තිබෙනවා. එරට රජය පවසන්නේ අදාළ ප්‍රදේශ කඳුකර ප්‍රදේශ වන බැවින් ගලවා ගැනීමේ කටයුතු තරමක් දුෂ්කර වී ඇති බවයි. ගොඩනැගිලි සුන්බුන් අතර විශාල ප්‍රමාණයක් සිර වී සිටිය හැකි බවයි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ. තුවාලකරුවන් ගුවනින් අසාදාබාද්හි රෝහලකට ඇතුලත් කරන බවයි වාර්තා වුණේ. භූකම්පනය හේතුවෙන් කුනාර් සහ ලග්මන් පළාත්වල මාර්ග රැසක් තවමත් අවහිර වී ඇති බවවිදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවා.