Published
ඇෆ්ගනිස්ථානයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. තලෙයිබාන් බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය ගිය ගණන 1,411ක් බවයි. භූ කම්පනයෙන් පීඩාවට පත් වූවන්ට රටවල් රැසක් ආධාර ලබාදෙමින් සිටිනවා. බ්‍රිතාන්‍ය පමණක් ලබාදී ඇති ආධාර මුදල ඩොලර් මිලියන 1.35ක්. ඉන්දියාව විසින් ආහාර ටොන් 15ක් සහ කූඩාරම් 1,000ක් ඇෆ්ගනිස්ථානයට ලබාදී තිබෙනවා.