Published
ඈෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු මහබාගේ, ඇලෙහිවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ලද තොරතුරක් මත මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදීයි.
එම වැටලීමේදී ඈෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි වැලිසර, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මහබාගේ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබනවා.