2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව උත්සව කටයුතුවලට වියදම් කිරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 276ක පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසම මඟින් සැකපිට අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරි එම්.ඒ. ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
ඒ අනුව සැකකාරිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළේ.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂිකාව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය මෙම ප්‍රශ්නගත ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වශයෙන් කටයුතු කරමින් නිසි ක්‍රමවේදයන්වලින් බැහැරව මුදල් වෙන්කර තිබෙන බව විමර්ශනවලින් අණාවරණය වි ඇතැයි සඳහන් කළා.
ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බව ඇය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ, තම සේවාදායිකාව අත්අඩංගුවට ගන්නේ නම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා භාතිය සන්තුෂ් යන දෙදෙනාද මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම්කළ යුතු බවයි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සාමාජිකාවක් වන තම සේවාදායිකාව නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව එම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 276ක් මුදා හැරීමට අනුමැතිය දීම සිදු කර ඇත්තේ ඇයට ඉහළ බලධාරීන්ගෙන් ඇතිවූ බලපෑම් නිසා බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා.
එමෙන්ම එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා එම ව්‍යාපෘතිය නැරඹීම සඳහා පෙරහුරු පවා පවත්වා තිබෙන අතර, එවන් පරිසරයක් තුළ තම සේවාදායිකාව කටයුතු කර ඇත්තේ ඉහළ බලධාරින්ගේ ක්‍රියා පිළිවෙත්වලට අනුව බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළා
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ඇපමත මුදා හැරීමට නියම කළා. මෙම නඩුව ජුනි මස 24 දිනන යළි කැඳවීමටද එහිදී නියම කෙරුණා.